ශුභා ශ්‍රී පරමාර්ථය

විසි එක්වැනි සියවසෙහි සුපිරි තාක්ෂනය චිරාගත සම්ප්‍රදායන්  හා  මුසුකරමින් ඔබගේ අනාගත සහකරු හෝ සහකාරිය මුනගැස්වීමේ භාරධූර වගකීමෙහි හෘදයාන්ගම කොටස්කරුවන් වීම අප ලද මහත් භාග්‍යක් කොට සලකමු.


දයාබර දෙමාපියෙනි, ඔබගේ ආදරණිය පුතනුවන්ගේ හෝ දියණියගේ අනාගත යුග දිවියෙහි සුරක්ෂිතභාවය තහවුරුවන පරිදි ඔබ පවුලට ගැලපෙන නව සාමජිකයා හෝ ස්මජිකාව  තෝරාගැනීමේ මහඟු කාර්යයට අපගේ සෙවයෙහි විශිෂ්ඨ දායකත්වය   ලබගන්නාමෙන් කරුනිකව ඉල්ලාසිටිමු.එම උදාරතර කාර්යයෙ‍්දි  අවංකව විශ්වාසවන්තව හා වැදගත් ආකාරයට අපගේ සේවය ලබදීමට අප වගකීමෙන් බැඳී සිටිමු.

 

පලමුවෙන්ම පරිඝණකගත කරනලද දේශීය හා විදේශීය විවිධ ක්ෂේත්‍රයන්හි සේවයේ නියුතු පුද්ගලයන්ගේ තොරතුරු සමඟ ඔබගේ දත්ත සහ අවශ්‍යතාවයන්   ගලපනු ලබනව. අනතුරුව ඔබගේ කෙන්ද්‍රය (විසි පොරොන්දම්) ජෝතිර්විද්‍යානුකූලව එසේ තෝරාගත් අයගේ කෙන්ද්‍ර හා ගැලපීමෙන් පසුව පමනක්, අදාල පුද්ගලයින්ගේ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට කටුයුතු කරනු ලබනව, ඒ ඔබට අව්ශ්‍යනම් පමණයි.


පලමුව ලියපදිංචිවීම නොමිලේ බැවින් ඉල්ලුම්පත්‍රය සමඟ මුදල් එවිය යුතු වන්නේ නැහැ. ඔබට ගැලපෙන සහකරු හෝ සහකාරිය තෝරාදීමෙන් අනතුරුව පමණක් ගෙවීම් කල හැකියි.


ඉහත සඳහන් ආකාරයට අපගේ සේවය ලබාගැනීම වෙනුවෙන් ඔබ ගෙවිය යුතු මුදල රු.3000/= ක්  පමනයි. ඒ මාස 06ක  අඛණ්ඪ සේවාවක් වෙනුවෙන්. එම කාලය තුල නොකඩවා අප ඔබට හැකි පමන, ඔබගේ අවශ්‍යතාවය මත ගලපාගත් සහකරුවන්ගේ හෝ සහකාරියන්ගේ දත්ත හා තොරතුරු ලබාදීමට කටයුතු කරනවා. එම කාලය තුල ඔබගේ විවාහය සිදුවන බව අපගේ විශ්වාසයයි.


සියලුම ගෙවීම් මුදලින්, මුදල් ඇන්වුම් හා තැපැල් ඇනවුම් මගින් කලහැකියි.තැපැල් කාර්යාලය බත්තරමුල්ල බව කරුනාවෙන් සලකන්න.


ඔබට ප්‍රීතිමත් හා වාසනාවන්ත යුගදිවියක් උරුමකරදීම අපගේ උතුම් ප්‍රාර්ථනයයි !!!

 

Tel: 0113 560 880Mobile: 072 980 68 00 | E-mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it.

Wednesday the 19th. Copyright © 2012 Shubha Sri. All Rights Reserved. | Designed by Skynet.